රිලවුන් එලවන්න ගොවීන්ට වායු රයිෆල්

රිලවුන් පලවා හැරීම සඳහා ගොවීන් වෙත මේ වසරේදී වායු රයිෆල් දහසක් නිකුත් කරන බව ශ්‍රී ලංකා හද බිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන පවසනවා.

වන සතුන්ගෙන් සිදුවෙන හානි වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමකට අනුව මෙම වායු රයිෆල් නිකුත් කරන බව හදබිම අධිකාරිය කියයි.

වගාවන්ගෙන් සියයට 30-40 අතර ප්‍රමාණයක් රිලවුන්, වඳුරන්, දඬු ලේනුන් හා මොනරුන් නිසා හානියට පත්වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා.

2023 වසරේ සිට ගොවි ජනතාවට සියයට 50ක ණය සහන පදනම යටතේ වායු රයිෆල් ලබා දීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සඳහන් කර සිටී.

පසුගිය වසරේ දී වායු රයිෆල් 750ක් ගොවීන් වෙත නිකුත් කර ඇති අතර එම වැඩ පිළිවෙලේ සාර්ථකත්වය අනුව මෙම වසරේ වායු රයිෆල් 1000ක් නිකුත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?