රිය අනතුරු අවම කිරීම සදහා අන්තර්පළාත් බස්රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක්

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් මාර්ග විනය සම්බන්ධව රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්යා සරත් වීරසේකර ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 10 වෙනිදා පැවති මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා රිය අනතුරු නිසා ජීවිත 1948ක් අහිමිව ඇති බවත් පසුගිය වසර 10 ක කාලය තුළ 27 /000ක් පමණ ජීවිත අහිමිවී ඇති බවත් පැවසූ අමාත්‍ය සරත් වීරසේකර, මාර්ග විනය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතනවල මූලිකත්වයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර සිටියා.

දඩගෙවීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා මගහරවා ගැනීමට ක්ෂණික දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් හා රියදුරු අකුසලතා ලකුණු ක්‍රමයක් නුදුරේදීම හදුන්වා දෙන බවත් ඒ සදහා මේවන විටත් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මාර්ග අනතුරු වැඩිවීම සදහා වන රියදුරන්ගේ විනයක් නොමැති වීම ප්‍රධාන හේතුවක් බව හදුනාගෙන ඇති බැවින් එම තත්ත්වය මඟහරවාලීම සදහා වන වැඩපිළිවෙලක අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් කාරක සභාවේදී මතුකළ අවස්ථාවේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියේ මාර්ග විනය සම්බන්ධව රියදුරන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් සැලසුම්කර ඇති බවත් පවතින කොවිඩ් තත්ත්වය හමුවේ එය ප්‍රමාද වූ බවයි.

මේ අනුව එහි පළමු පියවර ලෙස අන්තර් පළාත් බස් රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ආරම්භකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. අන්තර් පළාත් බස් රථ රියදුරන් 17000 ක් පමණ මේ වන විට සේවය කරන බවත්, බහුලව සිදුවන බස්රථ අනතුරු සදහා ඔවුන්ගේ විනය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

වෘත්තිය සමිති ව්‍යාපාර හෝ උද්ඝෝෂණවලින් තොරව ඉතා අසීරු තත්ත්ව යටතේ රාජකාරී සිදු කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්හට නිසි දීමනා සහ වැටුප් ලබා දීමේ අවශ්‍යතාවයද මන්ත්‍රීවරු කමිටුවේ අවධානයට යොමු කර සිටියා.

පසුගිය කොවිඩ් තත්ත්වය තුළ පොලිසියේ සාමාජිකයන් 15700ක් ආසාධිතයන් වූ බවත් 44 දෙනෙකු මිය ගිය බවත් පැවසූ අමාත්යමවරයා විවිධ දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන පොලිස් නිලධාරීන්ගේ වැටුප් හා දීීමනා වැඩිකිරීම සදහා මන්ත්‍රිවරු කරුණු මතු කිරීම පිළිබදව සිය ස්තූතිය පළ කළේය.

වර්තමානයේ මාධ්‍ය තුළින් අපරාධ වාර්තාකරණයේදී පොලිසිය වඩා වගකීමකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

අධිකරණ කටයුතුවලට බාධා වන ලෙස පොලිසිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැටලු සහගත බැවින් ඒ සදහා පියවර ගන්නා ලෙස අ,අමාත්‍යවරයා පොලිස්පතිවරයාට මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33