රිය අනතුරකින් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ මඟ (ඡායාරූප)

වවුනියාව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 10 කණුව ආසන්න ප්‍රදේශයේ මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මාර්ගය මාධ්‍යයේ තිබිය දී මෙම මළ සිරුර අද (20) උදෑසන සොයාගත් බවයි කැබිතිගොල්ලෑව පොලිසිය සඳහන් කළේ.

මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, මෙම මළ සිරුර වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකුගේ බවයි පොලිසිය පවසන්නේ.

මෙම පුද්ගලයාගේ මරණය රිය අනතුරක් හේතුවෙන් සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මළ සිරුර සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැබිතිගොල්ලෑව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?