රිය අනතුරක් සිදුකර පලාගිය මෝටර් රථයක් පසුපස ලුහුබැඳි කොන්දොස්තරට ප්‍රහාරයක්

රිය අනතුරක් සිදුකර පලා ගිය මෝටර් රථයක් පසු පස හඹා ගිය ලං.ග.ම බස් කොන්දොස්තරවරයෙකුට එම මෝටර් රථයේ සිටි අයෙකු විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (09) රාත්‍රී 8.00 ට පමණ ආණමඩුව සිට හලාවත බලා ගමන්ගත් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක පල්ලම, සේරුකැලේ ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බව සඳහන්.

එහිදී අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථය පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ බස් රථයේ කොන්දොස්තරවරයා මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක නැගී පලා යමින් සිටි මෝටර් රථය පසුපස හඹා ගොස් තිබෙනවා.

පලා යමින් තිබූ මෝටර් රථය ආරච්චිකට්ටුව, පොලිස් වසමේ විජය කටපත ප්‍රදේශයේදී නවත්වා ගැනීමට කොන්දොස්තරවරයාට හැකිව තිබෙනවා.

එහිදී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා සහ කොන්දොස්තරවරයා අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී මෙම මෝටර් රථයේ සිටි පුද්ගලයා කොන්දොස්තරවරයාට පහරි ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කෙරුණා.

රෝහල් ගත කර ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හලාවත ඩිපෝවට අනියුක්තව සේවය කරමින් සිටි 34 හැවිරිදි කොන්දොස්තරවරයෙක්.

බස් කොන්දොස්තරවරයාට පහර දුන් බව කියන පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර,

පල්ලම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?