spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිය අනතුරක් සිදුකර පලාගිය මෝටර් රථයක් පසුපස ලුහුබැඳි කොන්දොස්තරට ප්‍රහාරයක්

රිය අනතුරක් සිදුකර පලා ගිය මෝටර් රථයක් පසු පස හඹා ගිය ලං.ග.ම බස් කොන්දොස්තරවරයෙකුට එම මෝටර් රථයේ සිටි අයෙකු විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (09) රාත්‍රී 8.00 ට පමණ ආණමඩුව සිට හලාවත බලා ගමන්ගත් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක පල්ලම, සේරුකැලේ ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බව සඳහන්.

එහිදී අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථය පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ බස් රථයේ කොන්දොස්තරවරයා මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක නැගී පලා යමින් සිටි මෝටර් රථය පසුපස හඹා ගොස් තිබෙනවා.

පලා යමින් තිබූ මෝටර් රථය ආරච්චිකට්ටුව, පොලිස් වසමේ විජය කටපත ප්‍රදේශයේදී නවත්වා ගැනීමට කොන්දොස්තරවරයාට හැකිව තිබෙනවා.

එහිදී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා සහ කොන්දොස්තරවරයා අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී මෙම මෝටර් රථයේ සිටි පුද්ගලයා කොන්දොස්තරවරයාට පහරි ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කෙරුණා.

රෝහල් ගත කර ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හලාවත ඩිපෝවට අනියුක්තව සේවය කරමින් සිටි 34 හැවිරිදි කොන්දොස්තරවරයෙක්.

බස් කොන්දොස්තරවරයාට පහර දුන් බව කියන පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර,

පල්ලම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?