AFC Banner
Empty Ad
Empty Ad

රියදුරු බලපත්‍රය අහෝසි වන ලකුණු

බීමත් රියැදුන්ගේ හා නොසැලිකිල්මත් ලෙස රිය ධාවනය කරන්නන්ගේ රියැදුරු බලපත්‍ර ​අහෝසි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වර්ධනය වන රිය අනතුරු අවම කර ගැනීම සඳහාය. මේ සඳහා තාක්ෂණික ක්‍රමයක් යටතේ රියැදුරන්ට ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් තිබෙන අතර එම ක්‍රමය ක්‍රියාත්මක කරන තෙක් අතින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීමටද අමාත්‍යංශය තීරණය කර තිබේ.
මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර, එම අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න, අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සමග පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.
වැරදිකරන රියැදුරන්ට තාක්ෂණික ක්‍රමයක් යොදාගෙන ලකුණු අඩු කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු යොදමින් ඇතත් එය මෙතෙක් ක්‍රියාවලට නංවා නොමැති නිසා අතින් ලකුණු දී බලපත්‍රය අහෝසි කරන ක්‍රමවේදයකට යාමට මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
249
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?