රියදුරු බලපත්‍රය අහෝසි වන ලකුණු

බීමත් රියැදුන්ගේ හා නොසැලිකිල්මත් ලෙස රිය ධාවනය කරන්නන්ගේ රියැදුරු බලපත්‍ර ​අහෝසි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වර්ධනය වන රිය අනතුරු අවම කර ගැනීම සඳහාය. මේ සඳහා තාක්ෂණික ක්‍රමයක් යටතේ රියැදුරන්ට ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් තිබෙන අතර එම ක්‍රමය ක්‍රියාත්මක කරන තෙක් අතින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීමටද අමාත්‍යංශය තීරණය කර තිබේ.
මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර, එම අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න, අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සමග පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.
වැරදිකරන රියැදුරන්ට තාක්ෂණික ක්‍රමයක් යොදාගෙන ලකුණු අඩු කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු යොදමින් ඇතත් එය මෙතෙක් ක්‍රියාවලට නංවා නොමැති නිසා අතින් ලකුණු දී බලපත්‍රය අහෝසි කරන ක්‍රමවේදයකට යාමට මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

  1. ඕක දැන් අවුරුදු කීයක් තිස්සෙ කියන කතාවක්ද… ? ක්‍රියාත්මක ⁣කරොත් හොඳයි.. කරනකං sure නෑ 😉😜



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25