රියදුරුගේ ගෙළ මිරිකා ත්‍රිරෝද රථය කොල්ලකන්න හැදූ එක්දරු මවගේ තැත වරදියි

රත්නපුර, ගොඩකවෙල ප්‍රදේශයේ දී කාන්තාවක් විසින් ත්‍රිරෝද රථයක් මංකොල්ලකෑමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

මෙහිදී සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර, ත්‍රිරෝද රථයේ රියදුරා රෝහල් ගතක ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය කුලී ගමනක් යාමේ මුවාවෙන් ගොඩකවෙල නගරයෙන් ත්‍රිරෝද රථයට ගොඩ වී ඇති අතර, ටික දුරක් ගිය පසු කාන්තාව විසින් ත්‍රිරෝද රථ රියදුරාගේ ගෙළ මිරිකා යම්කිසි දෙයක් ගැල්වූ ලේන්සුවක් ඔහුගේ මුහුණට ලංකර තිබෙනවා.

එම අවස්ථාවේ දී කලබලයට පත් රියදුරාට ත්‍රිරෝද රථය පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක ද ගැටී පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරෙන් පසු රියදුරා විසින් එම ස්ථානයට පැමිණි පිරිසට සිදු වූ සිද්ධිය පැවසීමත් සමඟ සැකකාර කාන්තාව අල්ලා ගැනීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ.

අනතුරුව සැකකාරියව පොලීසියට භාරදීමට කටයුතු කර ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරා ගොඩකවල ප්‍රාදේශීය රෝහලර ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඇය රන්වල ප්‍රදේශයේ පදිංචි 27හැවිරිදි එක්දරු මවක් බවයි අනාවරණය වී ඇත්තේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හේතුවෙන් මෙම මංකොල්ලකෑම සිදුකිරීමට උත්සාහ කළ බව ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය අද (06) දිනයේ ගොඩකවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
3
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12
Video thumbnail
බුත්තලදී ත්‍රීරෝද රථයක් - යතුරුපැදියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
රටේ කෑල්ලක්වත් කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ..නැති ප්‍රශ්න ඇති කරලා යුද්දයක් නිර්මාණය කරන්නද හදන්නේ ?
07:01
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18