නිදිබරව රිය පැදවීම බීමත්ව රිය පැදවීම මෙන්ම එක සමාන දරුණු ඛේදවාචක ගෙනදිය හැකි බරපතල වැරද්දක් බව අද විදෙස් පුවත්පතක් වාර්තා කර තිබුණා.
මේ අනුව අධික ලෙස නිදිවරා නිදිබරව සුක්කානම දෑතට ගන්නා රියදුරන් විසින් සිදු කරනු ලබන අනතුරුවලදී එය තහවුරු කර ගැනීම සඳහා රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට ඉදිරි වසර දෙක තුලදී නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි එම වාර්තාව සඳහන් කර ඇත්තේ.
එම පරීක්ෂණය මගින් රියදුරා අවම වශයෙන් කොපමණ පැය ගණනක නින්දක් ලබා තිබෙනවා ද, ඒ අනුව ඔහු රථයක් පැදවීමට තරම් සුදුසු තත්වයක පසුවුයේද යන්න නිගමනය කිරීමටද හැකියාව ලැබෙනවා.
රිය අනතුරක් සිදු කරන රියදුරෙක් හෝ රිය අනතුරකට ලක්වන රියදුරෙකු බීමත්ව සිටියේ නම් එය තහවුරු කර ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතයේ තිබුන ද නිදිබර රියදුරෙකු සම්බන්ධව ඔහු නිදිබරව සිටියේ ද යන්න පරීක්ෂණයක් මගින් සනාථ කිරීමට පිළිගත් ක්‍රමවේදයක් මෙතෙක් ක්‍රියාවට නැංවී තිබුනේ නැහැ.
මේ පිළිබඳව අවදානය යොමු කළ එංගලන්තයේ හාවර්ඩ් වෛද්‍ය මණ්ඩලයක් විසිනුයි රියදුරෙක් අධික තෙහෙට්ටුව මත හෝ අධික ලෙස නිදි වැරුම හේතුවෙන් නිදිබරව සිටියේද යන්න සනාථ කර ගැනීම සඳහා රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වා දීමට තීරණය කර ඇත්තේ.




