AFC Banner
Empty Ad
Empty Ad

‘රිමාල්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් වෙයි – කාලගුණයෙන් දැනුම්දීමක්

නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති නිසා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ඉතා රළුවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මෙම සුළි කුණාටුව උතුරු දෙසට ගමන් කරමින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කරනවා.

රිමාල් ලෙස නම් කර ඇති සුළි කුණාටුව අද (26) රාත්‍රියේ බංග්ලාදේශයට ඇතුළුවනු ඇතැයි නවදිල්ලියේ පිහිටි ළිකුණාටු පිළිබඳ කලාපීය විශේෂඥ ආයතනය අනාවැකි පළ කර තිබෙනවා.

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර පවතින වර්ෂාධික කාළගුණයත් සමඟ නිකුත් කෙරුණු නානයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම දිවයිනේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ කිහිපයක් මේ වානවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
8
+1
12
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?