‘රිමාල්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් වෙයි – කාලගුණයෙන් දැනුම්දීමක්

නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති නිසා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ඉතා රළුවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

මෙම සුළි කුණාටුව උතුරු දෙසට ගමන් කරමින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කරනවා.

රිමාල් ලෙස නම් කර ඇති සුළි කුණාටුව අද (26) රාත්‍රියේ බංග්ලාදේශයට ඇතුළුවනු ඇතැයි නවදිල්ලියේ පිහිටි ළිකුණාටු පිළිබඳ කලාපීය විශේෂඥ ආයතනය අනාවැකි පළ කර තිබෙනවා.

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර පවතින වර්ෂාධික කාළගුණයත් සමඟ නිකුත් කෙරුණු නානයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම දිවයිනේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ කිහිපයක් මේ වානවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21