AFC Banner
Empty Ad
Empty Ad

රැකියා වංචාවකට ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අර්ධ කාලීන රැකියා ලබා දී ඉන්දියාවේ කූඩලූර්හි තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 60ක් වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ පොලිසියේ සයිබර් අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සයිබර් අපරාධ පොලිසියේ වාර්තාවන්ට අනුව කුරුංජිපාඩි හි පදිංචි 32 හැවිරිදි එස්. සම්පත් නමැති පැමිණිලිකරුට ටෙලිග්‍රාම් ඇප් එක හරහා මාර්ගගත අර්ධකාලීන රැකියාවක් ලබා දෙන බවට පණිවිඩයක් ලැබී තිබු බව සඳහන්. නාඳුනන පුද්ගලයෙකු විසින් යොමු කර තිබූ එම පණිවුඩයෙන් දන්වා ඇත්තේ අන්තර්ජාලය හරහා යම් යම් කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා මුදල් ලබා දෙන බවටයි.

කුඩා ආයෝජනයකින් මෙම යෙදුම ලබා ගැනීම තුළින් හොඳ ආයෝජනයක් ලබාගත හැකි බවට සැකකරු පොරොන්දු වී තිබෙනවා.

පසුව සම්පත් නම් පුද්ගලයා විශාල ටෙලිග්‍රාම් කණ්ඩායමකට ගෙන යන ලද අතර එහිදී ඔහු ලැබුණු උපදෙස් අනුව බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 60ක මුදලක් තැන්පත් කර ඇතැයි සඳහන්. අවසානයේදී වංචාකරුවන් හමුවේ ඔහුට එම මුදල් අහිමි වීමෙන් පසුව සයිබර් අපරාධ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සයිබර් අපරාධ අංශය මගින් පුළුල් විමර්ශනයක් සිදු කර ඇති අතර කණ්ඩායම ගිණුම් හිමියෙකුට සිදු කරන ලද රුපියල් ලක්ෂ 6ක අවසන් ගනුදෙනුව සොයා ගත් අතර සැක සහිත බැංකු ගිණුමේ තොරතුරු ද ඔවුන් ලබා ගනු ලැබුවා. ගිණුම් හිමියාගේ විස්තර සහ සම්බන්ධිත ජංගම දුරකථන අංකය බැංකුවෙන් ලබාගත් පොලිසිය හෙළි කරගෙන ඇත්තේ එම ගිණුම චෙන්නායි හි අම්බතූර් හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන 26 හැවිරිදි සල්මන් මොහොමඩ් ෆාරුක්ට අයත් එකක් බවටයි.

මෙම ඔන්ලයින් වංචාවේ ප්‍රධානියා චීනයෙන් පැමිණි අයෙකු බව ඉන්දීය පොලිසිය පවසා තිබෙනවා. අඟහරුවාදා චෙන්නායිහිදී සල්මාන් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුව කූඩලූර් වෙත රැගෙන ඇතැයි සඳහන්. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර කූඩලූර් මධ්‍යම බන්ධනාගාරයට යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණයට ගත්ත සල්ලි කෝ - පොහොට්ටු මන්ත්‍රී අහයි
05:43
Video thumbnail
ගසා තීරයේ සටන් විරාමයට සිරකරුවන් හුවමාරු කරගන්න සැරසෙන හැටි මෙන්න
08:49
Video thumbnail
හිටපු ජනපති අද හරි සැරෙන් කරපු සම්පූර්ණ කතාව මෙන්න
17:31
Video thumbnail
අත්තටු තමන්ගේ නම් කොහෙටද පුතා පියාඹන්න බැරි???
04:41
Video thumbnail
පෙට්‍රල් නැතුව වාහනේ නතර වුණොත් දඩ - කොහොමද පොලිසියේ වැඩ
01:33
Video thumbnail
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවෙන් ගිලිහෙයි ?
07:34
Video thumbnail
ජය පරාජය විඳගන්න බැරි පාතාලය වගේ හැසිරෙන ක්‍රීඩකයෝ
02:14
Video thumbnail
මහ ඇමති පුටුවට එන තලපති විජේගේ මංගල රැළියේ ඔබ නොදත් කතාව මෙන්න
06:30
Video thumbnail
තුන් දෙනාට මේක කරගෙන යන්න අමාරුයි - මාලිමා ප්‍රබලයා විශේෂ හෙළිදරව්වක් කරයි
29:59
Video thumbnail
රංජන් රැස්වීමේ වුණු දේ හෙළි කරයි - අරක්කු ගන්න සල්ලි දුන්නා මල්ලි
02:26

?