AFC Banner
AFC Banner
Empty Ad

රාවණා ඇල්ලේදී විසිතුන් හැවිරිදි තරුණියකට වුන දේ

රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් ගල් තලාවකට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි ඇල්ල පොලිසිය පවසනවා

මෙලෙස තුවාල ලබා ඇත්තේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල් ජාතික විසිතුන් හැවිරිදි තරුණියක් .

ඇය තවත් විදේශීය සංචාරකයන් දොළොස් දෙනකු සමඟ රාවණා ඇල්ල නැරඹීමට පැමිණ ඇල්ලේ උඩකොටසට ගල් මතින් නැඟයෑමට උත්සාහ කිරීමේදී පය ලිස්සා අඩි දහයක් පමණ පහළට වැටී තිබෙන බවයි වාර්තා වන්නේ

බරපතළ තුවාල ලැබූ ඇය වැල්ලවාය මූලික රෝහලටත් පසුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලටත් මාරුකොට තිබෙනවා.

නමුත් ඇයගේ තත්ත්වය බරපතළ බැවින් පසුව බදුල්ල මහ රෝහලට මාරුකොට යවා ඇති අතර දැනට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?