රාත්‍රී කාලයේ නවතා ඇති ඔබේ වාහනයේ ඉන්ධන නැතිවීමේ ඉඩක්

රාත්‍රී කාලයේ නිවාස වල වසා ඇති යතුරු පැදි, ත‍්‍රීවීල්, මෝටර් රථ ඇතුළු විවිධ වාහන වල ඉන්ධන බට කපා තෙල් සොරාකම් කිරීමේ සිදුවීම් රට පුරා ප්‍රදේශ ගණනාවකින් වාර්තා වන බව පොලිසිය පවසනවා.

මාර්ග අයිනේ දිගු වේලාවක් නවතා ඇති වාහන වලද ඉන්ධන සොරාගැනීමේ සිද්ධියෙන් වාර්තා වී ඇතැයි පොලීසිය කියා සිටියි. රට පුරා පවතින උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ මෙවන් ක්‍රියා කිරීමට ඇතැමුන් පෙළඹී ඇතැයි පොලීසිය සඳහන් කරයි.