රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසමේ නඩුව කල්යයි

මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජුලි මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ යි මෙම නඩුව අද කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා අධිකරණයේ පෙනී සිටියා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පසුගිය නඩු දිනයේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අද දින භාර දෙන බවයි.

එම ලේඛන අධ්‍යයනය කර වැඩිදුර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුලි මස 13 ද කැඳවන ලෙසටයි විනිසුරු වරයා නියෝග කළේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර තිබෙනවා.

2014 වසරේ අගෝස්තු මස පළමු වනදා සහ එම වසරේ නොවැම්බර් මස පළමු වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූ.කේ ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකල යැයි චෝදනා කර එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ඇතුළේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය අවසන් කිරීමට වෙර දැරීමක්..මොන හේතුවකටවත් ජනතාව බෙදෙන්න එපා
03:57
Video thumbnail
ප්‍රදේශ කිහිපයකට අද රෑට වෙන්න යන දේ මෙන්න..කාලගුණය නොසිතූ පැත්තකට හැරෙයි?
04:32
Video thumbnail
NPP එකේ උණුසුම මැද්දේ විපක්ෂයත් මතුගම උණුසුම් කරයි.."තමුන්ලගේ විපරිත ආශාවන් කාමරේ කරගන්න"
09:37
Video thumbnail
මතුගම උණුසුම තවත් වැඩිවෙයි..කොට්ටහච්චි ලොරියකට නැගලා විපක්ෂයේ රෙදි ගැ#වෙන්නම දෙසයි
12:18
Video thumbnail
ප්‍රභා ගැන කියූ අර්චුනාට වැඩ වරදියි ?..රටම දෙදරන හෙළිදරව්වක් එළියට
09:11
Video thumbnail
ආණ්ඩු පත් කරන්නත් පළවා හරින්න බලය තියෙන්නේ ගැහැණු අපිට..කොට්ටහච්චි විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
07:47
Video thumbnail
මතුගම නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක්.."ප්‍රේමදාස..මොකක්ද මේ අ#හනේ" හරිනි සහෝදරිය වෙනුවෙන් පාරට බැස්සේ
04:51
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32


?