රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට පිටතින් ආහාර ලබාගැනීම සඳහා බන්ධනාගාරයෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ඒ, අනුව ඔහුට වේල් තුනටම අවශ්‍ය ආහාර පිටතින් ලබාගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් අවසර ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සැප්තැම්බර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (29) නියෝග කරනු ලැබුවා.
ඒ, අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රඳවා සිටිනවා.
මේ අතර මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමිට ද උදෑසන සහ දහවල් ධානය පිටතින් ලබාගැනීමට අවසර හිමිව ඇති බවයි වාර්තා වුණේ.





