අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවා.
එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.
එය කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදුකරන ලෙසයි.
ඒ, අනුව අදාළ මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගයක් නිකුත් කළේ නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
8
+1
1
+1
+1
1
+1





