රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නේ.

රාජාංගණයේ සද්ධාරතන හිමි අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදි පසුගිය මැයි මස 28 වනදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ආගමික සහජීවනයට සහ සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා මතයි.

මෙම භික්ෂූන් වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර ඇති ප්‍රකාශවලින් ආගමික සහජීවනයට හානි වීමේ ඉඩකඩක් පවතින බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට එරෙහි පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්

“ස්වාමීනි…. මීට පෙර අධිකරණය විසින් ලබාගත් නියෝගය පරිදි මෙම ස්වාමීන් වහන්සේට අයත් බැංකු ගිණුම් 12 ක් පිළිබඳ විස්තර ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කළා. ඒ අතරින් බැංකු ගිණුම්ට 03 කට අදාළ ගනුදෙනු පිළිබඳ විස්තර ලැබී තිබෙනවා. එම බැංකු ගිණුම් තුන තුළ පසුගිය කාලයේ සැකකාර හිමියන්ගෙ නමින් රුපියල් කෝටි හයකට වැඩි මුදලක් තැන්පත් වී තිබෙන බව අනාවරණය වී තිබෙනවා. කිසියම් බාහිර පාර්ශ්වයක් විසින් මෙරට ආගමික නොසන්සුන්තාවය සහ යුද්ධයක් ඇති කිරීමේ අරමුණින් මේ මුදල් ලබාදී තිබෙන බවට සැකයක් මතුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතුයි.”

විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකාර හිමියන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට විරෝධය පළ කළ සැකකාර රාජාංගනයේ සද්ධාරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල එගොඩ මහවත්තගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්

“ස්වාමීනි… සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම්වලට මුදල් ලැබී තිබෙන බව පොලීසිය පැවසුවා. එසේ ලැබුණු මුදල්වලට සැකකාර හිමියන් කුමක් කළේද යන්න පිළිබඳව පොලීසිය සඳහන් කළේ නැහැ. එම මුදල් උන්වහන්සේට ලැබී තිබෙන්නේ බ්‍රිතාන්‍ය සිටින දායකයෙකුගෙන්. එම මුදල් වලින් උන් වහන්සේගේ තම විහාරස්ථානයේ දාන ශාලාවක්, ළදරු පාසලක්, විහාර ගෙයක් ඉදිකර තිබෙනවා. දරුවන් විශාල පිරිසකට දිවා ආහාර ලබා දීමත් සිදු කර තිබෙනවා. ප්‍රදේශයේ මරණයක් වූ විට රුපියල් 70,000ක මුදලක් පිරිනැමීමක් සිදු කරනවා. උන් වහන්සේ සිදු කළ ප්‍රකාශයෙන් කිසිදු ආගමික කැළඹීමක් ඇතිවී නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශ වලට අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ නඩු පැවරීම සඳහා අවශ්‍යතා හයක් සම්පූර්ණ විය යුතුයි.”

මෙහිදී විත්තියේ නීතිඥවරයා ඇමතු මහේස්ත්‍රාත්වරයා එම මාර්ගෝපදේශ අපගේ පනත තුළ අන්තර්ගත කර තිබෙනවා දැයි විමසුවා.

“එවැනි මාර්ගෝපදේශ අපගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත තුළ ඇතුළත් කර නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් ඉදිරිපත් කළ යුතු කරුණු මේ අධිකරණයට රැගෙන ඒමෙන් වැඩක් නැහැ. ඇප ඉල්ලා සිටිනවා නම් ඊට අවශ්‍ය කරුණු පමණක් ඉදිරිපත් කරන්න”යනුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් විත්තියේ නීතිඥවරයාට ප්‍රකාශ කලා.

ඒ අනුව ඇප ඉල්ලීම්වලට අදාල කරුණු තිබේ නම් ඒවා ලිඛිත දේශන වශයෙන් ඉදිරිපත් කරන ලෙස විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළ විනිසුරුවරයා ඊට අදාළ විරෝධතා තිබෙනම් ලබන 21 වනදා ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ අනුව රාජාංගනයේ සද්ධා රතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද අධිකරණය නියම කළා.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී නටාෂා එදිරිසූරිය, බෲනෝ දිවාකර සහ රාජාංගනයේ සද්ධාරතන හිමියන් බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
9
+1
4
+1
3
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?