මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
- රාජ්‍ය සේවයට 75,000 කට ආසන්න පිරිසක් නිසි ක්‍රම වේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය.
- දුෂ්කර පාසල්වල ගුරුවරුන් සඳහා ගෙවන දීමනාව රුපියල් 1500කින් ඉහළ දමනවා, විදුහල්පති දීමනාව රුපියල් 1500කින් වැඩි කරනවා.
- රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 10000ක්.
- අග්‍රහාර රක්ෂණ දායකත්ව මුදල වැඩි කිරීමට යෝජනාවක්.
- රජයේ සේවකයන්ට ලබා දෙන උත්සව අත්තිකාරම රුපියල් 15000 දක්වා වැඩි කෙරේ.
- රජයේ සේවකයන්ට ලබා දුන් දේපල ණය නව ව්‍යුහයක් යටතේ රුපියල් මිලියන 05 දක්වා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක්.
- 2026 ජනවාරි මාසයේ වැටුපේ සිට රාජ්‍ය අංශයට එම වැටුප් ගෙවීමට කටයුතු කරනවා.
- රාජ්‍ය සේවක වැටුප් සංශෝධන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන්කරනවා.
- 2016 ජනවාරි එක දින සිට රාජ සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපිවල විශ්‍රාම වැටුපිටිපාම පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කරනවා.
- රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු විසඳීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්.
- ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්වලට සියයට 15 ක් පමණ අමතර පොලියක් ලබා දී තිබුණ ද 2022 හා 2023 වසරවල ඒ වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතුව තිබූ නමුත් මේ දක්වා නොගෙවූ හිඟ මුදල පියවා දමනවා. නොගෙවා තිබූ රුපියල් මිලියන 10,000 ක් 2025 වසරේ දැනටමත් ගෙවා ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 45,700 ක හිඟ මුදල ද මෙම වසරේ දීම සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කරනවා.
- රාජ්‍ය ආයතන වෙත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලයේ අවසානයේ යළි භාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12500ක්.
- රජයේ ආයතන වල ඩිජිටල් ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන වලට අමතරව තවත් රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා.
- රාජ්‍ය සේවයට 75,000 කට ආසන්න පිරිසක් නිසි ක්‍රම වේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
+1
+1
+1




