රාජ්‍ය සේවක වැටුප් ස්ථීරවම වැඩි කිරීම ගැන සැකයක් එපා – රංජිත් සියඹලාපිටිය

කැබිනට් මණ්ඩලය මගින් දෙවතාවක් අනුමැතිය ලබා දී ඇති 2025 රාජ්‍ය සේවක වැටුප් වර්ධක ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාව සහ 24%ක අවම මූලික වැටුප් වැඩිවීමට නෛතික අනුමැතිය හිමි ව ඇති බවයි.

වසර ගණනාවක් පැවති වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම පත් කළේ 2024 මැයි මස 27 වැනි දින පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 2024/20 යෝජනාව අනුව වන අතර ඉන් පසුව එම කමිටුවේ අතුරු වාර්තාවට 2024 අගෝස්තු මස 12 වැනිදා යළිත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා පවසනවා.

එහි නිර්දේශ අනුව රුපියල් 25,000 දක්වා ජීවන වියදම් දීමනාව ඉහළ නැංවීම, අවමය 24%ක් වන පරිදි මූලික වැටුප වැඩි කිරීම, වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම, සක්‍රීය රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හිමිවන ජීවන වියදම් දීමනාවෙන් අඩකට සමාන ජීවන් වියදම් දීමනාවක් විශ්‍රාමිකයන්ටත් ගෙවීම ආදී කරුණු නිර්දේශ කර ඇති බවයි ආමාත්‍යවරයා පවසන්නේ.

2024 සැප්තැම්බර් මස 04 වැනිදා එම කොමිසමේ පූර්ණ වාර්තාවට ද කැබිනට් අනුමැතිය හිමි වූ අතර කරුණු 8කට ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කර ගැනීම සිදු වී තිබෙනවා.

මෙම සෑම අවස්ථාවක් සඳහා ම අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූ බවත්; මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ද කිසිඳු ගැටලුවක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන් ම සිදු වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?