AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය දේපල අවභාවිතා කළ මොහුට නීතිය ක්‍රියාත්මක නැති ද ?

හමුදාවට අයත් යැයි පැවසෙන බස් රථයකට අනවසරයෙන් ඇතුලු වී එය විරෝධතාවයක් මධ්‍යයට පදවා ගෙන ගොස් ගිනි තැබීමකට ලක්වන සේ අනාරක්ශිතව නවතා තැබූ සිවිල් පුද්ගලයෙකුගේ වීඩියෝ පට මේ වනවිට සමාජ ජාලාවන් හී සංසරනය වන බව ඔබ දකින්නට ඇති.නමුත් මේ විරෝධතාවයට සම්බන්ධ බොහෝ පාර්ශවයන් දේපල හානි කිරීම ප්‍රකෝපකාරී හැසිරීම් යනාදි චෝදනා මත අත් අඩංගුවට ගත් බවත් අප පුවත් වලින් දුටු බවත් අපට අමතක නැත.
මේ සිද්ධින් දෙක එකිනෙකට වියුක්ත් නොකට එකම සිදුවීමක් ලෙස ගත් විට නීතිය ක්‍රියාත්මක වීමේ යම් විශමතාවයක් ඔබට පැහැදිලිවම පෙනෙනු ඇත.

මාධ්‍යවේදීන්ට පවා අත් පා වලින් ලේ වැගිරෙන්නට පහර දී අත් අඩංගුවට ගත්තද රාජ්‍ය දේපලක් අනවසරයෙන් පරිහරනය කර ගිනිතබා ගිය “පුරවැසියෙක්” මාධ්‍යයට විවිධාකාරයේ දෙබස් කියමින් නිදැල්ලේ හැසිරෙයි.ඔහුට ක්‍රියාත්මක වන නීතිය වෙනම ම නීතියක් ද ?
ඔහු රාජ්‍ය දේපල අවභාවිතා කලේ නැති ද ?
ඔහු රාජ්‍ය දේපල විනාශ කලේ නැති ද ?
එසේ නොමැති නම් ඔහු කාගේ හෝ බළල් අතක් ද ?

මේ ගැටලු සියල්ලටම පිළිතුරු තම තම නැණ පමණින් සිතා බැලීමට පමණක් ඔබට ආරාධනා කරමි.එසේම නීතිය සර්ව සාධාරන ලෙස ක්‍රියාත්මක වේවා යැයි ද පතමි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?