රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් ධුරයට උසස් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පතිවරයා වරයා විසින් ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම සිදු කර ඇති බවයි.
මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත්වූ රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ඔහුගේ ජිප් රථය පැදවූ රියදුරා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එම රියදුරා ලබන පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
රියදුරා මේවන විට රාගම ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.