රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහය ආරච්චිකට්ටුව බලා රැගෙන යයි (වීඩියෝ)

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑම අද ආරම්භ වී තිබෙනවා.

‍මහජන ගෞරවය සඳහා දේහය ඊයේ පස්වරුවේ සිට තැන්පත් කර තැබුණේ කොළඹ පෞද්ගලික මල් ශාලාවකයි.

අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී ඊයේ අලුයම සිදු වූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වුණා.

රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වුණු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දුන්නා.

අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ඊයේ පස්වරුවේ මහජන ගෞරවය සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී දේහයට අවසන් ගෞරව දැක්වූවා.

ඊයේ රාත්‍රිය පුරා සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින්, පාක්ෂිකයන් ඇතුලු බොහෝ පිරිසක් එහි පැමිණියා.

බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර තිබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත අද රැගෙන යෑම ආරම්භ කළා.

මහජන ගෞරවය සඳහා අද පස්වරුවේ සිට දේහය එහි තැන්පත් කර තැබෙනවා. අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
3
+1
10
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40