රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ දේහය ආරච්චිකට්ටුව බලා රැගෙන යයි (වීඩියෝ)

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑම අද ආරම්භ වී තිබෙනවා.

‍මහජන ගෞරවය සඳහා දේහය ඊයේ පස්වරුවේ සිට තැන්පත් කර තැබුණේ කොළඹ පෞද්ගලික මල් ශාලාවකයි.

අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස ගැටී ඊයේ අලුයම සිදු වූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වුණා.

රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වුණු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දුන්නා.

අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ඊයේ පස්වරුවේ මහජන ගෞරවය සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී දේහයට අවසන් ගෞරව දැක්වූවා.

ඊයේ රාත්‍රිය පුරා සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින්, පාක්ෂිකයන් ඇතුලු බොහෝ පිරිසක් එහි පැමිණියා.

බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර තිබූ රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත අද රැගෙන යෑම ආරම්භ කළා.

මහජන ගෞරවය සඳහා අද පස්වරුවේ සිට දේහය එහි තැන්පත් කර තැබෙනවා. අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
3
+1
10
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?