රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ ලේකම්වරයෙකු කොටදෙණියාවේදී චණ්ඩි පාට් දමයි.. කොටදෙණියාව පොලිසිය නීතිය නමයිද..? – වීඩියෝ

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයෙකු විසින් ඊයේ පහරදීමක් සිදුකර ඇති පුවතක් වාර්තා වනවා.
කොටදෙණියාව ප්‍රදේශයේ සමූපාකාර ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණ තිබෙනවා.
ඒ වනවිටත් රාත්‍රී 10 පසුවී තිබීම නිසා අදාල ඉන්ධන පිරවුම්හල වසා තබා තිබී තිබෙනවා.
නමුත් ඒ වනවිටත් පසුවදා ඉන්ධන පිරවුම්හල විවෘත කළ පසු ඉන්ධන ලබාගැනීමේ අරමුණින් මිනිසුන් පිරිසක් පෝලිම්වල සිට ඇති බවයි තොරතුරු වාර්තා කරන්නේ.
එම ස්ථානයට පැමිණි ලේකම්වරයා අදාල ප්‍රදේශයට සිටින සමූපාකාර සභාපතිවරයා අමතා අදාල ඉන්ධන පිරවුම්හල විවෘත කරගෙන ඔහුගේ වාහනයට ඉන්ධන ලබාගෙන තිබෙනවා.
සාමාන්‍ය මිනිසුන්ට එක නීතියකුත් ප්‍රබලයන්ට වෙනත් නීතියකුත් ඇති බව නැවත නැවතත් සිහි කැදවමින් ඔහුට විශේෂ සැලකිලි මත ඉන්ධන ලබාදෙද්දී දුක් විදින මිනිසුන් ඒ වෙනුවෙන් හඬ නගා තිබෙනවා.
ඒ හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ අදාල ලේකම්වරයා සහ ගෝලයින් විසින් එම මිනිසුන්ට පහරදී තිබෙනවා.
පහරදීම් හමුවේ ඇතැම් පුද්ගලයින් පලා යද්දී එක් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඇති අතර ඔහුගේ වාහනයටද පහරදීම සිදුකර තිබෙනවා.
සමූපාකාර සභාපතිවරයෙකුට තම හිතූ මනාපයට අදාල කොන්දේසිවලින් බැහැරව මෙලෙස ඉන්ධන පිරවුම්හල් විවෘත කර වැඩ කටයුතු කළ හැකිද..?
සමූපාකාර කොමසාරිස්තුමනි, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමනි මේ පිළිබඳව සොයා බැලීම ඔබ සතු වගකීමකි.
එසේ පවතිද්දී මේ පිළිබඳව විමර්ශන සිදුකරන කොටදෙණියා පොලිසිය විසින් අදාල ලේකම්වරයාගෙන් හා ඔහු සමග පැමිණි පිරිසගෙන් ගුටි කෑ පුද්ගලයාගේ පැමිණිල්ල සටහන් කරගන්නේ අද උදෑසන 10 ට පමණ වීමද කණගාටුවට කරුණකි.
මෙම ඉන්ධන පිරවුම්හලේ සීසීටීවී දර්ශන තිබුණත් කොටදෙණියාව පොලිසිය පවසන්නේ සති දෙකක පමණ කාලයක සිට එම සීසීටීවී දර්ශන ක්‍රියාවිරහිතව පවතින බව පැවසූ බවයි.
ස්ථානාධිපතිවරයා එසේ පවසද්දී සමූපාකාර සභාපතිවරයා පවසන්නේ සීසීටීවී දර්ශන ඇති බවයි.
මොවුන් දෙදෙනාගෙන් ඇත්ත පවසන්නේ කවුද..? සාක්ෂි වෙනස් කිරීමට අවශ්‍යතාවයට ඇත්තේ කාටද යන්න ප්‍රශ්නයකි..
සමූපාකාරය භාර සභාපතිවරයා වසා තිබූ ඉන්ධන පිරවුම්හල ඇමතිවරයාගේ ලේකම්වරයාට විශේෂ වරප්‍රසාද ලබාදෙමින් විවෘත කර දෙන පසුබිමක සීසීටීවී ක්‍රියාවිරහිත වීම පුදුමයට කරුණක් නොවන බවයි පහරකෑ පුද්ගලයා සහ ප්‍රදේශවාසීන් පවසන්නේ.
එක රටක් රක නීතියක් තිබෙනා බව පවසන රටක කොටදෙණියාව පොලිසිය මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු නොකිරීම හරහා පොලිස් දෙපාර්තමේන්තුවට නැවත වරක් ඇගිල්ල දිගු වීම වලක්වා ගත නොහැකි බවයි සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයන් පැවසුවේ.
මෙම පහරදීමට සම්බන්ධ ලේකම්වරයා විසින් මීට පෙරද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදීමේ පුවතක්ද වාර්තා වුණා.

https://www.youtube.com/watch?v=oaOb-3PVzBQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25
Video thumbnail
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට රු.මිලියන 56ක් වටිනා ජංගම පාංශු සහ ශාක විද්‍යාගාරයක්
04:12
Video thumbnail
සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබූ කෝටි 2කට අධික වටිනා විදේශ මත්පැන් තොගයක් වටලයි
04:31
Video thumbnail
අවුරුද්දට නිවෙස් බලා යන ජනතාව කිව්ව දේ
00:53