රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කිරීමේ මෙහෙයුම ඇරඹේ

මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණා.

නුතන ලෝකයේ සයිබර් ආරක්ෂණය යනු තවදුරටත් හුදු තාක්ෂණික කරුණක් පමණක් නොව, එය ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථායිතාව සහ පොදුජන විශ්වාසය කෙරෙහි සෘජුව බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බව මෙහිදී අවධාරණය කෙරුණා.

එමෙන්ම, තොරතුරු යටිතල පහසුකම ක්‍රියාත්මක වන සියලු ආයතනවලට සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා රජයේ වැදගත් තොරතුරු සඳහා ප්‍රවේශය ලබාදීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වුණා.

මේ සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණය දැනටමත් ගෙන ඇති අතර, මෙම වසර අවසාන වන විට සෙසු රාජ්‍ය ආයතනද සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කිරීම මෙහි දෙවන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

එහිදී ප්‍රමුඛ රාජ්‍ය ආයතන සඳහා මූලිකත්වය හිමි වන අතර එම ආයතන ජාතික විගණන කාර්යාලය මගින් විගණනයට ලක් කිරීමටද යෝජනා වුණා.

මීට අමතරව, සියලුම රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවද, ඒ සඳහා පුහුණු වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අවධාරණයට ලක් වූ කරුණක්.

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ දී සයිබර් ඔරොත්තු දීමේ හැකියාව රාජ්‍ය පාලනයේ සහ සේවා සැපයීමේ මූලික අංගයක් ලෙස සැලකිය යුතු බවත්, රාජ්‍ය වෙබ් අඩෙවි විවෘත කිරීම, රැන්සම්වෙයාර් ප්‍රහාර සහ තොරතුරු සොරකම් කිරීම වැනි සයිබර් තර්ජන හමුවේ අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම වැළැක්වීමට සහ කළමනාකරණයට මෙම නව ක්‍රමවේදය මගින් අවස්ථාව සැලසෙන බවත් සඳහන් වුණා.

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් රාජ්‍ය ආයතනවලට තත්කාලීන තර්ජන අධීක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීම් සහ විධිමත් සම්බන්ධීකරණයකින් යුත් ප්‍රතිචාර දැක්වීමේ පහසුකම් සැලසෙන බැවින්, මෙය හුදෙක් අනුකූලතා අභ්‍යාසයක් නොව ආයතනික විශ්වාසනීයත්වය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසද හඳුන්වා දෙන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47