රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට, නොගෙවන පිරිස්වලින් බදු අය කළ යුතුයි

මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා රට තුළ බදු නොගෙවන පිරිස් සොයා ඔවුන්ගෙන් වැඩිපුර බදු අය කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසිදු ලෙසකින් ජනතාවගෙන් අලුතින් බදු එකතු කිරීමක් සිදු නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවයි.

ඒ හේතුවෙන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ දී එම ආයතන ප්‍රධානීන් සමග පැවති අදහස් හා යෝජනා විමසීමේ දි යි සියඹලාපිටිය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සියලු සාකච්ඡාවලින් රටේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම කෙරෙහි සැපිරිය යුතු ඉලක්කගත කාරණා එක් තැනකට ගෙන ආ යුතු බවයි.

රාජ්‍ය ආදායම ඉහළ නංවනවා යැයි පවසා කිසිලෙසකින් රටේ ජනතාවගේ බදු බර යළිත් අලුත් කළ නොහැකි බවත්, එය දේශපාලන ප්‍රශ්නයක් නොවන බවත්, පවතින ක්‍රමවේදය තුළ පදනම පුළුල් කරගනිමින් ක්‍රියාත්මක වීමට ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් බදු අය කරගැනීම සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට රාජ්‍ය ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ.ගුණසිරි, වැඩ බලන මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.පී රත්නායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී,එස්.සී.නෝනිස්, සුරාබදු කොමසාරිස් සමන් ජයසිංහ, දේශීය ආදායම් දොපර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් යූ.ඒ. ජයවර්ධන ඇතුළු පිරිසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?