රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට, නොගෙවන පිරිස්වලින් බදු අය කළ යුතුයි

මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා රට තුළ බදු නොගෙවන පිරිස් සොයා ඔවුන්ගෙන් වැඩිපුර බදු අය කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසිදු ලෙසකින් ජනතාවගෙන් අලුතින් බදු එකතු කිරීමක් සිදු නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවයි.

ඒ හේතුවෙන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ දී එම ආයතන ප්‍රධානීන් සමග පැවති අදහස් හා යෝජනා විමසීමේ දි යි සියඹලාපිටිය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සියලු සාකච්ඡාවලින් රටේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම කෙරෙහි සැපිරිය යුතු ඉලක්කගත කාරණා එක් තැනකට ගෙන ආ යුතු බවයි.

රාජ්‍ය ආදායම ඉහළ නංවනවා යැයි පවසා කිසිලෙසකින් රටේ ජනතාවගේ බදු බර යළිත් අලුත් කළ නොහැකි බවත්, එය දේශපාලන ප්‍රශ්නයක් නොවන බවත්, පවතින ක්‍රමවේදය තුළ පදනම පුළුල් කරගනිමින් ක්‍රියාත්මක වීමට ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් බදු අය කරගැනීම සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට රාජ්‍ය ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ.ගුණසිරි, වැඩ බලන මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.පී රත්නායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී,එස්.සී.නෝනිස්, සුරාබදු කොමසාරිස් සමන් ජයසිංහ, දේශීය ආදායම් දොපර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් යූ.ඒ. ජයවර්ධන ඇතුළු පිරිසක් එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46