රාජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිනොගනී

රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න විසින් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන නොමැති බව දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය සතියේදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දෙමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.