AFC Banner
Empty Ad
Empty Ad

රාජ්කොට් විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව ඉහළ නගී

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ පිහිටි විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඊයේ (25) හටගත් ගින්නෙන් මියගිය් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස අතර කුඩා ළමුන් 12 දෙනෙකු ද සිටින බවයි.

ගින්නට හසුව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකුගේ සිරුරු හඳුනාගැනීම නොහැකි ලෙස පිළිස්සී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ගිනි නිවන භටයින් සඳහන් කරනවා.

ගුජරාටයේ ස්වදේශ කටයුතු අමාත්‍ය හර්ෂ් සංග්වි අද (26) අලුයම සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා.

මෙම ඛේදජනක සිදුවීමෙන් පසු එක් පුද්ගලයෙකු තවමත් අතුරුදහන් වී ඇති බව පැවසෙනවා.

රාජ්කොට් පොලිසිය පැවසුවේ ක්‍රීඩා කලාපයේ හිමිකරු සහ කළමනාකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයට ගෙන ගිය බවයි.

මේ අතර ගුජරාට් ප්‍රාන්ත රජය විශේෂ විමර්ශන කණ්ඩායමකට සිදුවීම විමර්ශනයට පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?