Empty Ad
AFC Banner
Empty Ad

රාජකීය පළමු ඉනිම වර්ණවත් කළ රෙහාන් පීරිස්

කොළඹ රාජකීය විද්‍යාලයේ මුල් පෙළ පිතිකරුවෙකු වන රෙහාන් පීරිස් දැවැන්ත ලකුණු 158ක් ලබා සිටියදී මීට ටික වේලාවකට පෙර දැවී ගියා.

රෙහාන් අද (06) ආරම්භ වූ ශාන්ත තෝමස්වරුන්ට එරෙහි නිල් මහා සටනේදියි මෙම විශිෂ්ට ශතකය ලබා ගැනීමට සමත් වූයේ.

රෙහාන් පීරිස් මෙම ලකුණු 158ට ලබා ගැනීමට පන්දු 219ක් වැය කළා.

ඊට දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 20ක් ද ඇතුළත් වුණා.

146 වැනි රාජකීය – තෝමස් නිල් මහා සටනේ දී පළමු ඉනිම පන්දුවට පහරදීම ආරම්භ කළ රාජකීයන් මේ වනවිට කඩුලු 07ක් දැවී ලකුණු 308ක් ලබා සිටිනවා.

08 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ රාජකීයන් වෙනුවෙන් දිසානායක සමගින් රණුක මලවිආරච්චි යි.

තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?