රාජකාරී T-56 අවිය ගල්කර ඩුබායි පැන්න කොස්තාපල්ගේ මව්පියන් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී ගිනි අවියක් සහ උණ්ඩ 30ක් නීති විරෝධී ලෙස රැගෙන ගොස් විදෙස් ගත වූ පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම යුවළ පසුගිය 09 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු ඔවුන්ව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා.

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකළ පොලිස් කොස්තාපල්වරයෙක් මාර්ග බාධක රාජකාරියට යන බව පවසා T56 වර්ගයේ රාජකාරී ගිනි අවියක් සහ උණ්ඩ 30ක් ද රැගෙන පසුගිය සෙනසුරාදා පස්වරුවේ පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු පොලිස් මාර්ග බාධකය වෙත රාජකාරි සඳහා වාර්තා නොකිරීමත් සමඟ සිදුකළ සොයාබැලීමේ දී ඔහු රාජකාරි ගිනි අවිය සමඟ අතුරුදන්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවක දී හෙළිව ඇත්තේ එම කොස්තාපල්වරයා එදින රාත්‍රියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවයි.

එලෙස පිටව යෑමය පෙර ඔහු සිය පෙම්වතිය ද මුණගැසී ඇති බවට ද තොරතුරු හෙළිව තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයා පොලිසියෙන් රැගෙන ගිය ගිනි අවිය සහජ උණ්ඩ සොයා පොලිසිය විමර්ශන සිදුකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශවලට අනුවයි ඔහුගේ මව සහ පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර එම සැකකාර කොස්තාපල්වරයාට ආධාර සහ අනුබල දුන් බවට සැකපිට තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57