රාජකාරි T56 ගිනි අවිය සහ උණ්ඩ 30ක් පොලිසියෙන් පැන්නූ කොස්තාපල් ඩුබායි පැනලා

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ටී-56 වර්ගයේ රාජකාරි ගිනි අවිය සහ උණ්ඩ 30ක් ද සමඟ අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේ දී ඔහු ඊයේ (09) රාත්‍රියේ ඩුබායි රාජ්‍යය වෙත පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ පොලිස් නිලධාරියා මාර්ග බාධක රාජකාරි සඳහා වාර්තා කිරීම සඳහා ඊයේ (08) පස්වරු 5.30ට පමණ ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 30ක් ලබාගෙන මාර්ග බාධක රාජකාරි සඳහා යන බව පවසා පොලිසියෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නිලධාරියා මාර්ග බාධක රාජකාරී සඳහා අදාළ ස්ථානයට වාර්තා නොකර ඇති අතර, පසුව සිදුකළ සොයා බැලීමේ දී ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිතකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවල දී මෙම පොලිස් නිලධාරියා ඊයේ (08) රාත්‍රී 10.15ට පමණ ගුවන් මඟින් ඩුබායි රාජ්‍යට පිටව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා යළි දිවයිනට ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා අවශ්‍ය කටයුතු සැලසුම්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග සඳහන් කළේ.

මේ අතර මෙම පොලිස් නිලධාරියා විසින් නීති විරෝධීව බැහැරකරන ලද ගිනි අවිය සහ උණ්ඩ සොයා පොලිස් කණ්ඩායම් 04ක් විමර්ශන අරඹා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහක යන පරිප්පු කන්න බෑ..අ#පත කළු කඩ කාරයන්ට ෂොට් දෙන්න..පාරිභෝගික අධිකාරිය දැන් කෝමා වෙලාද?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40