රාජකාරියේ යෙදී සිටියදී මත්ද්‍රව්‍ය පානය කළ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

බඩෝවිට පොලිස් මුරපොළේ රාජකාරියේ යෙදී සිටියදී මත්ද්‍රව්‍ය භාවිතා කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පිළියන්දල පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙක්.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඉකුත් 04 දින ඉහත මුරපොළේ රාජකාරිය සඳහා යොදවා සිටියදී, මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානාධිපතිවරයාට ඇති වූ සැකයක් හේතුවෙන්, කොස්තාපල්වරයා කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන තිබෙනවා.

එහිදී කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

පොලිස් නිලධාරියකු වශයෙන් සිට මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාව යටතේ ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සැකකාර පොලිස් කොස්තතාපල්වරයාගේ වැඩහනම් කර තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?