රළු මුහුද සහ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු නොගැඹුරු මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා අද (01) සවස 3.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට සවස 3.30 දක්වා වලංගු වන ආකාරයෙන්.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේවන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 9.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්න ප්‍රදේශයේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 550ක පමණ දුරින් පවතින බවයි.

එය හෙට (02) වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අනිද්දා (03) වන විට සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර ලබන 4 වනදා වන විට උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.

මේ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ මන්නාරම සිට කන්කසන්තුරය ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙම පද්ධතිය හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළෘත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දකුණු පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං බලාපොරොත්තු වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40