AFC Banner
Empty Ad
Empty Ad

රහස් පොලිසිය ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් ආයතන ප්‍රධානියා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලික සමාගමක ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ නිලධාරීන් විසිනුයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ e NIMRA දත්ත පද්ධතිය සකස් කිරීමේ ගිවිසුම්ගත ආයතනය ලෙස එම ආයතනය ගිවිසුම් ගත වී ඇත්තේ ඉකුත් 2018 මැයි මස 3 වැනිදා බවත්, මෙම ගිවිසුමේ වලංගු කාලසීමාව වන්නේ එම දින සිට වසර පහක කාලයක් ඉදිරියට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

ඒ අනුව දත්ත පද්ධතියේ තොරතුරු මැකී යාම සම්බන්ධයෙන් මෙම සැකකරු ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව ද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?