රහස් පෙමක් හෙළිවී මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

ඊයේ (18) දිනයේ සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ලියොන් පෙරේරා පැවැත්වූ අයථා සබඳතාවයක් පිළිබඳ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබීම හේතුවෙන් මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා.

සිංගප්පූරු පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් වන නිකොල් සේ සමඟ ලියෝන් පෙරේරා මෙම අයථා සබඳතාවය පවත්වා ඇති අතර වසර දෙකකට අධික කාලයක සිට මෙම සබඳතාවය පැවතී ඇති බවත් වීඩියෝ පටය නිකුත් වන තෙක් ඔහු තම වරද පිළිගැනීමට සූදානම්ව නොසිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිකොල් සේ සහ ලියෝන් පෙරේරා කිහිපවතාවක් ආපනශාලා වලදී මෙන්ම හෝටල් වලදී මුණගැසී තිබෙන බව සිංගප්පූරු ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

ඔවුන් දෙදෙනා සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ දෙදෙනාම වරද පිළිගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?