එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 57 වන අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් සිව් දෙනෙකු ලෝකඩ පදක්කම් 03 ක් සහ විශිෂ්ට කුසලතා ඇගයීම් සහතිකයක් දිනා ගෙන අද (15) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 90ක තරගකරුවන් 360 දෙනෙකුගේ සහභාගීත්වයෙන්, ජුලි 05 වැනි දින සිට 15 වැනි දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පවත්වා තිබූ බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
තරගාවලියට සහභාගී වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හිමරු අබේගුණරත්න, කොළඹ රාජකීය විද්‍යාලයේ මෙත්මක ජයසේන සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ රිත්මිණි වීරක්කොඩි යන සිසුන් තිදෙනා ලෝකඩ පදක්කම් දිනා ගැනීම කැපී පෙනුණා.
යාපනය සාන්ත ජෝන් විද්‍යාලයේ මෙනන් ශ්‍රීකරන් විශිෂ්ට කුසලතා ඇගයීම් සහතිකය දිනා ගැනීමට සමත් වුණා.
ඔවුන් අද අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් ආයතනයේ නිලධාරීන් මෙන්ම මෙම සිසුන්ගේ දෙමාපියන් ගුරුභවතුන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.















