රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

රසායන විද්‍යාව සඳහා වන 2025 නොබෙල් ත්‍යාගය සුසුමු කිටගාවා, රිචඩ් රොබ්සන් සහ ඕමාර් එම්.යාගි යන විද්‍යාඥයින් තිදෙනාට පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ලෝහ-කාබනික රාමු සම්බන්ධයෙන් කළ සොයාගැනීම වෙනුවෙන්, එම ත්‍යාගය ඔවුන්ට පිරිනැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

නොබෙල් ත්‍යාගයය අමතරව ඔවුන් තිදෙනා වෙනුවෙන් ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11ක මුදල් ත්‍යාගයක් ද හිමිවනවා.

ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයෙන් හයිඩ්‍රොකාබන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති කිටගාවා, මීට පෙර හම්බෝල්ට් පර්යේෂණ ත්‍යාගය (2008) සහ ඩි ජෙනස් ත්‍යාගය වැනි සම්මාන දිනාගෙන ඇති අතර, ඔහු දැනට කියෝතෝ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.

එක්සත් රාජධානියේ උපත ලබා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව හැදෑරූ රොබ්සන් මේ වනවිට මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අයෙක්.

එමෙන්ම ඕමාර් එම්.යාගි ජෝර්දානයේ අම්මාන් හි උපත ලබා, ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් උර්බානා-චැම්පේන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති අතර, මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39