රවී සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විසිවෙයි

රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව ගොනු කර නොමැති බවට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ විරෝධතාවක් සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුමඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.