AFC Banner
Empty Ad
Empty Ad

රබර් වත්තේ මුරකරුගේ මරණය ඝාතනයක් බවට හෙළිවෙයි

අතුරුදන්ව සිට දින දෙකකට පසු හමුවූ ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක මුරකරුගේ
මරණය ගෙළ මිරිකා සිදු කළ ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පාදුක්ක මීරියගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අදාළ කර්මාන්ත ශාලාවේම නතර වී සේවය කරන අතර පසුගිය 7 වන සඳුදා පෙරවරු 10.30ට පමණ සිට ඔහු අතුරුදන්ව තිබූ බව සඳහන්.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් සහ සේවකයන් ඔහු පිළිබඳ සොයා බැලුවද කිසිදු තොරතුරක් ලැබී නැහැ.

එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට තේ වත්තක හිමිකාරිය තම ඉඩමට ගොස් එහි ඇති පොල් ගස්වල පොල් වැටී ඇත්ද යන්න සොයා බැලීමේදී කැලෑවෙන් වටවූ වතුර නොමැති අනාරක්ෂිත ළිඳ තුළ තිබූ මිනිස් සිරුරක් දැක තිබෙනවා.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් විසින් ඒ බව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව හොරණ වැඩ බලන මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ මූලික රෝහලට යොමු කර තිබුණා.

ඊයේ (10) එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ මරණකරුගේ ගෙල ප්‍රදේශයේ අභ්‍යන්තරයේ ඇති වූ තුවාල ස්වාභාවිකව ඇතිවූ තුවාල නොවන බවයි.

ඒවා ගෙළ සිර කිරීමක් වැනි ක්‍රියාවක් හේතුවෙන් සිදු වූ තුවාල බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කර තිබූ බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙම මරණය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?