රබර් කියා තඹ අබලි චීනයට පැටවීමට යාමේ දී රේගුවෙන් අල්ලයි (වීඩියෝ)

තඹ අබලි රජය විසින් මේ වනවිට (01) තාවකාලික ව නවතා ඇති පසුබිමක ඉතා සූක්ෂ්ම ව තඹ බහාලුමක් අපනයනය කිරීමට යාමේ දී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් සිය අත්අඩංගුවට ගනු ලැබුවා.

එම දෙපාර්තමේන්තුවේ මධ්‍යම බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ශ්‍රී ලංකා රේගුවට මෙම බහාලුම සම්බන්ධ ලියකියවිලි ලෙස ඉදිරිපත් කර ඇත්තේ චීනයට අපනයනය කිරීම සඳහා සූදානම් කර ඇති ක්‍රේප් රබර් කිලෝග්‍රෑම් 12,000ක් එහි ඇති බවටයි.

නමුත් සිදු කළ පරීක්ෂාවේ දී හෙළි ව ඇත්තේ එම බහාලුම තුළ තඹ කම්බි කිලෝග්‍රෑම් 8440ක් අඩංගු බවටයි.

කුමන හෝ ක්‍රමයකින් මෙම තඹ අබලි අපනයනය කිරීමට ඉඩ ලැබුණේ නම් ඉන් රජයට රුපියල් මිලියන 25ක පාඩුවක් සිදු වන බවට් රේගුව සඳහන් කර තිබෙනවා.

තඹ අබලි අපනයනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ආනයන පාලන දෙපාර්තමේන්තුවෙන් අපනයන බලපත්‍ර අවශ්‍ය වන බවයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17