AFC Banner
Empty Ad
Empty Ad

රබර් කියා තඹ අබලි චීනයට පැටවීමට යාමේ දී රේගුවෙන් අල්ලයි (වීඩියෝ)

තඹ අබලි රජය විසින් මේ වනවිට (01) තාවකාලික ව නවතා ඇති පසුබිමක ඉතා සූක්ෂ්ම ව තඹ බහාලුමක් අපනයනය කිරීමට යාමේ දී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් සිය අත්අඩංගුවට ගනු ලැබුවා.

එම දෙපාර්තමේන්තුවේ මධ්‍යම බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ශ්‍රී ලංකා රේගුවට මෙම බහාලුම සම්බන්ධ ලියකියවිලි ලෙස ඉදිරිපත් කර ඇත්තේ චීනයට අපනයනය කිරීම සඳහා සූදානම් කර ඇති ක්‍රේප් රබර් කිලෝග්‍රෑම් 12,000ක් එහි ඇති බවටයි.

නමුත් සිදු කළ පරීක්ෂාවේ දී හෙළි ව ඇත්තේ එම බහාලුම තුළ තඹ කම්බි කිලෝග්‍රෑම් 8440ක් අඩංගු බවටයි.

කුමන හෝ ක්‍රමයකින් මෙම තඹ අබලි අපනයනය කිරීමට ඉඩ ලැබුණේ නම් ඉන් රජයට රුපියල් මිලියන 25ක පාඩුවක් සිදු වන බවට් රේගුව සඳහන් කර තිබෙනවා.

තඹ අබලි අපනයනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ආනයන පාලන දෙපාර්තමේන්තුවෙන් අපනයන බලපත්‍ර අවශ්‍ය වන බවයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?