රනිල් හෙට උසාවි යනවා ද නැද්ද යන තීරණය විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සකසන විශේෂ වෛද්‍ය වාර්තාවෙන් පසු

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය මට්ටම මේ වනවිට යම් ස්ථාවර තත්ත්වයක් පෙන්නුම් කරන බව ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ පවසනවා.

අද (25) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩ බලන අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරනු ලබන විශේෂඥ වෛද්‍ය මණ්ඩලය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විශේෂ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටින බව ද ඔහු මෙහිදී පැවසුවා.

එම වෛද්‍ය වාර්තාවෙන් අනතුරුව හෙට (26) දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අධිකරණ හමුවේ පෙනී සිටීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව තීරණය කරන බවයි, ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ සඳහන් කර සිටියේ.

මේ අතර ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) දිනයේත් ජාතික රෝහල වෙත පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
10
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?