AFC Banner
Empty Ad
Empty Ad

රනිල් සහ සජිත් හමුවූ හේතුව තිස්ස හෙළිකරයි

විපක්ෂනායක සජිත්  ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇති බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ එම හමුවේදී දේශපාලනික සාකච්ඡාවක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්යේ පැතිරයන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

“සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ හමුවක් පිළිබඳව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙලා තිබුණා. විපක්ෂනායක විදිහට සජිත් ප්‍රේමදාස මහතා එවැනි හමුවක් සිදුවුණා. පසුගිය කාලයේ ආණ්ඩුව පත්කරපු ජනාධිපති විමර්ශන කොමිසම හරහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට ඒ කොමිෂන් සභා වාර්තාව හරහා උත්සහ කරනවා කියලා අපිට පේනවා. ඒ ක්‍රියාවට එරෙහිව සංවිධානයවීම සහ අදාළ පාර්ශ්වයන්වල අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකිරීමට විපක්ෂනායක ලෙස පෙනී සිටිය යුතු වනවා. ඒ සඳහා තමයි මේ හමුව සිදුවුණේ. කිසිඳු සන්ධානයක් සම්බන්ධයෙන් සාකච්ඡාවකට එතුමන්ලා එළඹිලා නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?