රනිල් සහ සජිත් හමුවූ හේතුව තිස්ස හෙළිකරයි

විපක්ෂනායක සජිත්  ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව ඇති බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ එම හමුවේදී දේශපාලනික සාකච්ඡාවක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්යේ පැතිරයන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

“සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ හමුවක් පිළිබඳව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙලා තිබුණා. විපක්ෂනායක විදිහට සජිත් ප්‍රේමදාස මහතා එවැනි හමුවක් සිදුවුණා. පසුගිය කාලයේ ආණ්ඩුව පත්කරපු ජනාධිපති විමර්ශන කොමිසම හරහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට ඒ කොමිෂන් සභා වාර්තාව හරහා උත්සහ කරනවා කියලා අපිට පේනවා. ඒ ක්‍රියාවට එරෙහිව සංවිධානයවීම සහ අදාළ පාර්ශ්වයන්වල අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකිරීමට විපක්ෂනායක ලෙස පෙනී සිටිය යුතු වනවා. ඒ සඳහා තමයි මේ හමුව සිදුවුණේ. කිසිඳු සන්ධානයක් සම්බන්ධයෙන් සාකච්ඡාවකට එතුමන්ලා එළඹිලා නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36