හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක විසින් අද (23) එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරා.
ඒ වත්මන් ආණ්ඩුව විසින් දේශපාලනය මර්ධනය ක්‍රියාත්මක කරන බව පවසමින්.
සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුව වෙත මෙම පැමිණිල්ල භාර දීමේ අරමුණෙන් මෙම පැමිණිල්ල අද (23) එක්සත් ජාතීන්ගේ කොළඹ පිහිටි කාර්යාලයට මෙය භාර දී තිබෙනවා.
පැමිණිල්ල භාරදීමෙන් පසු මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන පවසා සිටියේ මෙම ආණ්ඩුව දැඩිව ප්‍රජාතන්ත්‍ර විරෝධීව දේශපාලන පලිගැනීම්වල නිරතවන අතර එයට හොදම උදාහරණය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හා රක්ෂිත බන්ධනාගාරගත කිරීම බවයි.





