රනිල්ගේ නඩුව විභාගයට ගැනෙන අධිකරණ ශාලාවේ විදුලිය විසන්දි වෙයි

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහගේ නඩු කටයුත්ත විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ශාලාවේ මේ වනවිට විදුලිය විසන්දි වී ඇති බව ‘දසත’ අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තැබීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය ඊට පෙර නිවේදනය කළා.

කෙසේ වෙතත් තවමත් නඩුවේ ඉදිරි කටයුතු ආරම්භ වී නොමැති අතර, විදුලිබල මණ්ඩලයේ සේවකයින් පැමිණ විදුලිය විසන්දිවීම පිළිසකර කරමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
18
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?