රන් මාල පැළඳ ගමන් යාමේදී ප්‍රවේශම් වන්න

යතුරු පැදිවලින් පැමිණ රන් මාල කඩාගෙන පළා යාමේ සිද්ධි කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.

පළමු සිදුවීම වාර්තා වූයේ, කහතුඩුව ප්‍රදේශයෙනි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කහතුඩුව – අම්බලන්ගොඩ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගෙළෙහි තිබූ මාලයක් කඩාගෙන කොල්ල කා පළා යන ආකාරය අසල සිටි පුද්ගලයෙකු විසින් ජංගම දුරකතනයකින් රූගත කර තිබිණි.

මේ අතර, අක්මීමන ප්‍රදේශයේ වෙළෙඳ සලක් අසලදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කාන්තාවකගේ ගෙළෙහි තිබූ මාලයක් කඩාගෙන පළා යන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?