රන් පිරවූ රත්තරන් කෙන්ඩිය ගන්න ගිය නිධන් හොරුන්ට වැඩ වැරදුණු හැටි

දඹුල්ල වල්ගම වැව ප්‍රදේශයේ බලගොල්ල මුකලාන නැමැති රක්ෂිතයේ ඓතිහාසික ගල් තලාවක් පුපුරවා හැර එහි නිධන් කොට ඇති රත්තරන් බහාලු රන් කෙණ්ඩියක් සොයාගැනීම් කළ පුද්ගලයන් තිදෙනකු ත්‍රීරෝද රථ දෙකක් සහ කැණීම් කිරීම සඳහා උපයෝගී කරගත් මෙවලම් රැසක් සමග ඊයේ දින මධ්‍යම රාත්‍රියේ දී ගම්වැසියන් විසින් අල්ලා ගෙන දඹුල්ල පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ දින රාත්‍රියේ දඹුල්ල, වල්ගමවැව ප්‍රදේශ්යේ නිවෙස් දෙකක පින්කම් පැවැත්වෙන අවස්ථාවක් උපයෝගී කරගෙන ඉතා සූක්ෂම ලෙස පිරිසක් මෙම බලගොල්ල මුකලානට ගොස් එහි ගල්තලාවක් පුපුරුවා හැරීම සිදු කොට තිබෙන බවත් විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇරලීමට ගිය තරුණයන් පිරිසකට වනය මැදින් පිපුරුම් හඬක් ඇසීමත් සමග ගම්මුන් මේ පිළිබඳව අවධානය යොමු කොට තිබේ.

මිට පෙර අවස්ථා ගණනාවකදීම මෙම ස්ථානයේ නිධන් හෑරීම සඳහා උත්සාහ කළ නිසාත් එමෙන්ම වලගම්බා රජු දවසේ සිට ජනාවාසව හා කර්මාන්ත පැවැති බව ගම්මුන් විස්වාශය කොට මෙම බලගොල්ල කන්ද ප්‍රදේශය ගම්මුන් ආරක්ෂා කර ගෙන එන බව ඔවුහු පවසන්නේ.

ඒ අනුව ගමේ තරුණ පිරිස එක්ව මෙම ස්ථානය වටලා සිටියදී පුද්ගලයන් පස්දෙනකු ස්ථානයෙන් පලා යද්දී තවත් පුද්ගලයන් තිදෙනකු සහ ඔවුන් පැමිණි ත්‍රි රෝද රථ දෙකක් ද අල්ලා ගෙන පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන ඇත.

එම පිරිස් පැමිණි ත්‍රීරෝද රථ පරික්ෂා කිරීමේදී නවතම ගල් විදින සඳහා යොදා ගන්නා ස්වයංක්‍රීය මෙවලමක් සොයා ගෙන ඇත.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි එම ස්ථානයට ගිය දඹුල්ල පොලිසියේ කණ්ඩායමක් අද දින උදෑසන පරීක්ෂාකර බැලීමේදී එම ස්ථානයේ තිබී තවත් අලවංගුවක් ගල් කූරක් පිහිය සහ සුදු පැහැති වැලි වයර් ආදී ගල කැඩීම සඳහා යොදා ගන්නා මෙවලම් රැසක් සොයා ගෙන ඇත.

මෙම පිරිසගෙන් ප්‍රශ්න කිරීමෙන් හෙළි වී ඇත්තේ මෙම ස්ථානයේ රත්තරන් බහාලූ රනින් සැකසූ කෙණ්ඩියක් නිධන් කොට ඇති බවයි. මීට පෙර අවස්ථා කිහිපයකට නිදන් වදුලු සහ අභ්‍යන්තර පරික්ෂා කිරීම් සිදුකිරීමෙන් අනතුරුව පිරිසක් එක්ව එය ගොඩ ගැනීමට උත්සාහ කළ බව ද අනෙක් පිරිස මෙම කලබලයක් සමග පැන ගිය බවත් ගෙනවිත් තිබූ විදුලි උත්පාදන යන්ත්‍රය මහ කැලෑවෙ සඟවා තිබෙන බවද ප්‍රකාශ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරුවන් පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු දඹුල්ල පොලිසිය මගින් සිදුකරනු ලබනවා.

N 4
N3
N 2
N1

දඹුල්ල – චමින්ද කුමාර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35