වියට්නාමයේ පැවති ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 03 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන තිබූ අතර ඔවුන් අතරින් පදක්කම්ලාභීන් දෙදෙනෙකු 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙහිදී රේණු චන්ද්‍රිකා ද සිල්වා වයස අවුරුදු 45 ට වැඩි කාන්තා කේවළ තරගයෙන් සහ මිශ්‍ර යුගළ තරගයෙන් රන් පදක්කම් 02 ක් සහ කාන්තා යුගළ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියාය .
රේණු චන්ද්‍රිකා ද සිල්වා හිටපු ශ්‍රී ලංකා ජාතික ශූරිය වන අතර ඇය අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි .
මීට අමතරව මෙම තරගාවලියේ දී විජය ලක්ෂ්මි පුංචිහේවා කාන්තා යුගළ තරගයෙන් සහ වයස අවුරුදු 55 – 60 අතර ඒකළ තරගයෙන් ද ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
ඔවුන් ඇතුළු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම 12/18 දින රාත්‍රී 11.20 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ෆෙඩරේෂනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
එසේම 12/19 දින රාත්‍රී මෙම තරගාවලියට සහභාගී වී රන් පදක්කමක් දිනා ගත් රොහාන් ද සිල්වා ඇතුළු තවත් පදක්කම්ලාභීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .




