රන් පදක්කම් ගත්තු ක්‍රීඩිකාවෝ පදක්කමුත් අරගෙන ඊයේ ලංකාවට

වියට්නාමයේ පැවති ආසියානු ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 03 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන තිබූ අතර ඔවුන් අතරින් පදක්කම්ලාභීන් දෙදෙනෙකු 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙහිදී රේණු චන්ද්‍රිකා ද සිල්වා වයස අවුරුදු 45 ට වැඩි කාන්තා කේවළ තරගයෙන් සහ මිශ්‍ර යුගළ තරගයෙන් රන් පදක්කම් 02 ක් සහ කාන්තා යුගළ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියාය .

රේණු චන්ද්‍රිකා ද සිල්වා හිටපු ශ්‍රී ලංකා ජාතික ශූරිය වන අතර ඇය අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි .

මීට අමතරව මෙම තරගාවලියේ දී විජය ලක්ෂ්මි පුංචිහේවා කාන්තා යුගළ තරගයෙන් සහ වයස අවුරුදු 55 – 60 අතර ඒකළ තරගයෙන් ද ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

ඔවුන් ඇතුළු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම 12/18 දින රාත්‍රී 11.20 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ෆෙඩරේෂනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

එසේම 12/19 දින රාත්‍රී මෙම තරගාවලියට සහභාගී වී රන් පදක්කමක් දිනා ගත් රොහාන් ද සිල්වා ඇතුළු තවත් පදක්කම්ලාභීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21